Gossips

ආණ්ඩුව දකුණු ඉන්දීය සිනමා පටයක් බව ඩලස් කියයි

වත්මන් ආණ්ඩුව දකුණු ඉන්දීය චිත්‍රපටයකට සමාන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙම අදහස් පළ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් ආණ්ඩුවේ සිනමා පටය අධ්‍යක්‍ෂවරයා බවද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළා.
පාතාල ක්‍රියාකාරකම් වත්මන් ආණ්ඩු පාලන කාලයේ ඉහළ ගොස් ඇති බවද ඔහු එහිදී කියා සිටියා.