Gossips

ආණ්ඩුව තෝරන්න ජනතාවට ඉඩ දෙන්න – පොහොට්ටුව

රට ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට ඇති එකම විසඳුම මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩු කරන්නේ කවුරුන්දැයි තීන්දු කිරීමට ජනතාවට ඉඩ ලබා දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේනත්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, පැවිදි හඬ සංවිධානය ද කොළඹදී අද (03) මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර මේ එහිදී අදහස් දැක්වූ රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සන්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළෙ පවතින අර්බුදයෙන් පීඩාවට පත්වන්නේ ජනතාව මිස ඊට විසඳුමක් සඳහා මැතිවරණයක් පැවැත්වීම අනිවාර්ය බවයි.