Gossips

ආණ්ඩුව තුළ පවතින අර්බුද නිසා ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කිරීම කල් යයි

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් නොකිරීම තුලම මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය අභියස සිටින බවට සාක්ෂි ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ බත්තරමුල්ල එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම, ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් නොකිරීම මගින් එක්සත් ජාතික පක්ෂය තුළ ඇති අර්බුදය මනාව පැහැදිලි වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
මේ අතර, පාතාල නායක මාකඳුරේ මදූෂ් ඩුබායහි පැවැත්වූ සාදයට ශ්‍රී ලංකාවෙන් පිටත්වූ සියලූදෙනාගේ නම් හෙළි කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මෙහිදී ඉල්ලීමක් කළා.