Gossips

ආණ්ඩුව ජනබලයට බියවෙලා – ඒකාබද්ධය කියයි

ඒකාබද්ධ විපක්ෂය කොළඹට කෙතරම් පිරිසක් රැගෙන ආවත්, ආණ්ඩුවේ වෙනසක් සිදුනොවන බව අමාත්‍ය පී.හැරිසන් පවසනවා.
අනුරාධපුරය – පලාගල ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ‘‘ජන බලය කොළඹට’’ විරෝධතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කඩවත ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ කියා සිටියේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විපක්ෂයට ප්‍රචාරණයක් නොමිලේ ලබාදෙමින් සිටින බවයි.