Gossips

ආණ්ඩුව ජනතාවට බදු බර පටවා ඇති බව හිටපු ජනපති කියයි

කාලගුණ විපර්යාසවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට බදු බර ද පටවා තවත් පීඩනයක් එක් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ වලස්මුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද (27) පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.
එමෙන්ම පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට ද ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ මෙරට ළමයින්ගේ අනාගතය අවදානමක් පවතින බව සදහන් කරමින්.