Gossips

ආණ්ඩුව ගැන කැබිනට් රැස්වීමේ සංවාදයක්

අද පැවති කැබිනට් රැස්වීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක, රජයේ ස්ථාවරත්වය සහ රටේ අනාගතය යන කරුණු ඇතුළත් කරමින් දේශපාලන සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.
සති දෙකකට පසු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අතර, එහිදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවේ වත්මන් ගමන් මඟ පිළිබඳව අදහස් දැක්වීමත් සමග රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ප්‍රධාන පක්ෂ දෙක එකඟතාවකින් යුක්තව ආණ්ඩුව පවත්වාගෙන යෑමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි ඔවුන් එහිදී සඳහන් කර ඇත්තේ.
අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, රවුෆ් හකීම් සහ සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.