පාර්ලිමේන්තුවේ නොසන්සුකාරී තත්වය ඇති වූයේ කථානායක කරු ජයසුරියගේ ද අනුදැනුම මත බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවක එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.
මේ අතර, මාතර අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ දිවුරුම් ප්‍රකාශ 113ක් ලබාදී බහුතරය පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවයි.
