අසාර්ථකව ගෙන යන වත්මන් ආණ්ඩුව හැකි ඉක්මනින් වෙනස් කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
විවිධ බලවේග එක් කර ගනිමින් ජනාධිපතිවරණය ජය ගැනීමට කටයුතු කරන බවත්, ආණ්ඩුවේ සිටින මන්ත්රීවරුන්ම ආණ්ඩුවට බනින තත්ත්වයක් වර්තමානයේ උද්ගත වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙහිදී කියා සිටියා.