ආසියානු සංවර්ධන බැංකුව සමඟ අත්සන් කළ ගිවිසුමකට අනුව සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පක්ෂ මූලස්ථානයේ අද (02) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළා.
