Gossips

ආණ්ඩුවේ සූදානමක් ගැන හිටපු ජනපති කතා කරයි

දේශපාලන වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා අධිකරණය භාවිතා කිරීමට වත්මන් ආණ්ඩුව සූදානම් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා.
දිවංගත හිටපු අමාත්‍ය රිචඩ් පතිරණගේ දස වන ගුණානුස්මරණයට ඊයේ ගාල්ලේ දී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
දේශපාලනඥයින් මර්දනය කිරීමේ අරමුණින් නව අධිකරණ පිහිටුවන බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය ගැන සැකයක් මතු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.