Gossips

ආණ්ඩුවේ වගකීම විදුර පහදයි

බලයට පත් ආණ්ඩුවක වගකීම විය යුත්තේ පැවති ආණ්ඩුවල අඩුපාඩු පවසමින් කාලය ගත කිරීම නොව රටට අවශ්‍ය ඉදිරි දැක්මක් ඉදිරිපත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවට එක් වූ නිදහස් පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් එම ධූරවලින් ඉවත් කරන ලෙසටයි.