Gossips

ආණ්ඩුවේ බහුතර බලය නැති කළ යුතුයි – පා.ම. විමල් වීරවංශ

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ පවතින බහුතර බලය නැති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා වැඩ භාරගැනී අවස්ථාවට අද (29) එක්වෙමින්.
මේ අතර අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉවත් කිරීම පිළිබඳව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියද අදහස් පළ කළා.
ඒ කැස්බෑව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට අද (29) එක්වෙමින්.