Gossips

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන එක්දින විවාදයක් 10 වනදා

ලබන 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් එළඹෙන 10 වනදා එක්දින විවාදයක් පැවැත්වීමට නියමිතයි.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ එදින පෙරවරු 10.30 සිට පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වීමටයි.
ජනාධිපතිවරයා විසින් මේ වනවිට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර ඇති අතර, නව සැසිවාරය ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන 8 වනදායි. එදිනට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි ගමන් මග පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
එම යෝජනාව අද පෙරවරුවේ පක්ෂ නායකයින් රැස්වූ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති අතර ඒ අනුවයි විවාදය සඳහා දින වෙන්කර ඇත්තේ.