සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ පවතින ගැටළු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ඒ, බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.
එම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද එක්ව සිටි අතර, ඔහු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
