සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරි කාලය සඳහා ඇති කර ගන්නා එකඟතා ගිවිසුමට පෙර ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ලෝක කම්කරු දිනය වෙනුවෙන් එම පෙරමුණ කොළඹ දී ඊයේ (06) සංවිධාන කර තිබූ මැයි රැළියට එක්වෙමින්.
