Gossips

ආණ්ඩුවේ දෙදරීම දැක ගත හැකි ක්‍රමයක් ඒකාබද්ධ විපක්ෂය කියයි

නව ඡන්ද ක්‍රමයට අනුකූළව සකස් කළ සීමා නිර්ණ කමිටු වාර්තාවට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී රජයේ දෙදරීමක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.
මේ අතර, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද මැතිවරණ කොමිසමට පැමිණියා.
මැතිවරණ කොමිසම ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ මන්ත්‍රීවරුන් පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක නිරත වූ අතර, පසුව ඔවුන් ප්‍රකාශ කර සිටියේ එම සාකච්ඡාව අසාර්ථක වූ බවයි.