Gossips

ආණ්ඩුවේ චෝදනාවලට ගෝඨාභයගෙන් පිළිතුරු

රටට අවශ්‍යව ඇත්තේ වැඩ කළ හැකි දේශපාලනඥයින් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
බදුල්ල – පුරහලේ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ නිවේදනයකට පිළිතුරු ද ලබාදෙමින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළි බලයට පැමිණීමේ අරමුණින් ජනතාව යළි විපත් මඟට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.
ඊට හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.