වත්මන් ආණ්ඩුව රට ඒකාධිපතීත්වයකට රැගෙන යමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් උපසම්පදා වී වසර 60ක් සම්පූර්ණවීම නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ අද (22) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මෙහිදී ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ආණ්ඩුවට චෝදනා කළා.
උන්වහන්සේ කියා සිටියේ ගිහි නීතිවලට සංඝරත්නය යටපත් කිරීමට ඉඩ නොදෙන ලෙසයි.