Gossips

ආණ්ඩුවේ උපාය මාර්ගයක් ගැන අන්තරේ කියයි

ආණ්ඩුව, තම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට සයිටම් සිසුන් සුක්ෂ්ම ලෙස භාවිතා කරමින් සිටින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
එහි කැදවුම්කරු ළහිරු විරසේකර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කලේ රජයට පවරා ගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීමට කටයුතු කිරීම වංචා සහගත බවයි.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ වෛද්‍ය පිඨ ශීෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් කියා සිටියේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට පරිපූරක ඇස්තමේන්තු මගින් රජය වෙන් කළ මුදල් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිතුරක් ලබාදිය යුතු බවයි.
සයිටම් ගැටලූව සම්බන්ධයෙන් ආණ්ඩුව පිළිගත් විධිමත් සැළසුමක් ඉදිරිපත් කල යුතු බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශ නිමල් කරුණාසිරි එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා.