Gossips

ආණ්ඩුවේ ඇමතිවරුන්ට අයවැයේදී, එජාප පසුපෙළින් අභියෝගයක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ආණ්ඩුවේ ඇමතිවරුන්ට ඍජු අභියෝගයක් එල්ල කළා.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එළඹෙන අයවැයේදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට තර්ජන සිදුකරන අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ සම්මත කිරීම සඳහා ඡුන්ද විමසීමක් ඉල්ලා සිටින බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානයට එක්සත් ජාතික පක්ෂයේ කලකිරී සිටින ක්‍රියාකාරීන් ද එක් කර ගැනීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට සහය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ රත්නපුර ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.