වත්මන් ආණ්ඩුවේ ආයු කාලය අවසන් වෙමින් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ කොළඹ පිහිටි නිවසේ ඊයේ (10) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පසුගියදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳවද අවධානය යොමු කළා.
