Gossips

ආණ්ඩුවේ අවසානය ගැන සන්ධාන මහ ලේකම් කියයි

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කටයුතු කළහොත් එය සමස්ත ආණ්ඩුවේම අවසානය විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මේ බව කියා සිටියා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැය ශීර්ෂය පරාජය කරන බව ප්‍රකාශ කළා.
ඊට ප්‍රතිචාර දැක්වූ සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්මත කිරීම සඳහා සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එමෙන්ම රටට ඵලදායී යමක් සිදුවන්නේ ජනාධිපතිවරයා යටතේ බවද ඔහු තවදුරටත් සඳහන් කළා.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගෙන් ද අප මේ පිළිබදව විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ තමන් ඇතුළු කණ්ඩායම සමස්ත අයවැයම පරාජය කිරීමට කටයුතු කරන බවයි.