Gossips

ආණ්ඩුවෙන් අතුරු සම්මත ගිණුමක්

අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට සූදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ණය ගෙවීම පිළිබදව ද ආණ්ඩුවට ගැටළුවක් නොමැති බවයි.
මේ අතර, වසර අවසානයට පෙර අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත නොගතහොත් එළඹෙන වසරේ සිට රාජ්‍ය යාන්ත්‍රණය කඩා වැටිය හැකි බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.