ආණ්ඩුවට සහය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ ක්‍රියාවලියක දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව නිරත වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී අද රාත්‍රියේ රැස්වීමට නියමිතයි.
