Gossips

ආණ්ඩුවට ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට බලයක් නැහැ – ජී.එල්

මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඊට එක්වෙමින් එහි සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සහයෝගයෙන් ඉදිරියේදී නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන නව සන්ධානයට තරුණ පෙරමුණේ පූර්ණ සහයෝගය ද ලබාදීමට කටයුතු කරන බවයි.