Gossips

ආණ්ඩුවට එරෙහි එජාපයේ පෙත්සම සළකා බැලීමට අභියාචනාධිකරණයෙන් තීරණයක්

වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීතිමය බලයක් නොමැති බවට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 30 වනදා සහ ලබන වසරේ ජනවාරි මස 03 වනදා කැදවීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කළා.
මෙම පෙත්සම සලකා බැලුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේයි.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එහි කටයුතු කිරීමට බලයක් නොමැති බවට ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණේ පසුගිය සිකුරාදායි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122කු විසිනුයි මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.