Gossips

ආණ්ඩුවට එක්වන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් රතු එළියක්

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් අමාත්‍යධූර ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් පසුව ඊයේ පාර්ලිමේන්තුව මුල්වරට රැස්වූ අවස්ථාවේදී නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එක්වුණා.
මේ අතර ආණ්ඩුවට සහය දීමට එක්වූ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයාට අපහාස කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.