ලබන 14 වැනිදාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමෙන් පසු මීළඟ අර්බුදය හට ගන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ බව, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අද පවත්වන රැළියෙන් පසු තම ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකු එකතුවන බවයි.
මේ අතර සමාජවාදී ජනතා පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි.
