Gossips

ආණ්ඩුකාර ධුරවලින් ඉවත් වූ රෙජිනෝල්ඩ්ට සහ නිලූකාට නව තනතුරු

උතුර පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
ඊට අමතරව සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙස පත් කර ඇති බව සඳහන්.
ඊට අදාළ පත්වීම් ලිපි ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් වෙත ලබාදී තිබෙනවා.
මේ අතර හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායකගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ තමන් හෙට දිනයේදී නව තනතුරේ වැඩ භාරගන්නා බවයි.