Gossips

ආණ්ඩුකාරවරුන්ගේ යළි වෙනසක්

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
අද රාත්‍රියේ මෙලෙස තමන් දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයේ දිවුරුම් දුන් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කීර්ති තෙන්නකෝන් කියා සිටියේ.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාර්ෂල් පෙරේරා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
පළාත් 5 ක් සඳහා ආණ්ඩුකාරවරුන් පසුගියදා පත් කෙරුණු අතර, ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි පත් කෙරුණා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මෛත්‍රී ගුණරත්නත්, උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායකත්, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්නත් පත් කෙරුණු අතර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලායි.
ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන්, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ උතුර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සුරේන් රාඝවන් පත් කරනු ලැබුවා.