පළාත් සභා කටයුතු පවත්වාගෙන යෑමට ආණ්ඩුව සහයෝගය ලබා නොදීම හේතුවෙන් මහජන සේවා කටයුතුවලට බලපෑම් එල්ලවී ඇති බව ආණ්ඩුකාරවරුන් පවසනවා.
මේ බව අවධානයට ලක්වූයේ ගාල්ලේ දී ඊයේ පැවැති ආණ්ඩුකාරවරුන්ගේ විශේෂ සම්මේලනයකදියි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.
