Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනපතිට ලියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ එමඟින් ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම්දුන්නේ යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිවේදනය කළා.
ඒ, පසුගිය 7 වනදා පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම පිළිබඳ තීරණ මාධ්‍ය වෙත නිකුත් කරමින්.
පෙබරවාරි 21 වනදා පාර්ලිමේන්තුවේදී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මතුකළ ගැටළුව පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ජනාධීපතිවරයා වෙත යැවූ ලිපියේ සාරාංශයද එහි සටහන් කර තිබුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සම්පාදනය කළ යුතු නීති පිළිබඳව ජනාධීපතිවරයා දැනුම්වත් කළ බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන්.