Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් ක්‍රියාකාරීන්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය

නව ආණ්ඩුක්‍රමව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් තුන්දෙනා සඳහා අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.
ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට මධ්‍යහ්න 12 ට පළමුවරට රැස්වීමට නියමිත අතර, එහිදී නව අගවිනිසුරුවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන බවයි කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනා මේ වනවිට පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂනායකවරයා නිල බලයෙන් ඒ සඳහා පත්වනවා.
ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහත් විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂත් පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය තලතා අතුකෝරලයි.
සුළු පක්ෂ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකයි.
එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතීඥ අහමඞ් ජාව්ඞ් යූසූෆ් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් පත්කිරීමටයි අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවා ඇති මෙම ව්‍යවස්ථා සභාවේ නිල කාලය වසර 3 ක්.