Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව, බ්‍රහස්පතින්දා රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන බ්‍රහස්පතින්දා රැස්වනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අවසන් වාර්තාව සහ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ.
අදාළ කමිටු රැස්වීම බ්‍රහස්පතින්දා පෙරවරු 11.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා සහ අනු කමිටු වාර්තා 6 විවාදයට ගැනීමෙන් පසු මෙහෙයුම් කමිටුව රැස්වන පළමු අවස්ථාව මෙයයි.