Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද පෙරවරු 10 ට රැස්වීමට නියමිතව තිබෙනවා.
එය අද රැස්වන්නේ පසුගිය අඟහරුවාදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ යෝජනාවක්ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.
කෙසේ වෙතත්, ඊයේ පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.
සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වූ නියෝගයන් සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.