Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවට සාමාජිකයන් නම් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිලිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස අමාත්‍ය රවුෆ් හකීම්, ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් නම් කර තිබෙනවා.
කතානායක කරූ ජයසූරිය නිවේදනය කළේ නව ස්ථාවර නියෝගවලට අනුව මෙම පත් කිරීම් සිදුකර ඇති බවයි.
මෙම කාරක සභාව සඳහා කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත්වනවා.
ඊට අමතරවයි ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය නියෝජනය වන ලෙස මෙම සාමාජිකයන් තිදෙනා නම් කර ඇත්තේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සඳහා සහය වීමට නව ස්ථාවර නියෝගවලට අනුව, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව පත් කරනු ලැබුවා.