Gossips

ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ගේ සම්මානය සොරා ගැනීමට සම්බන්ධ පස්දෙනෙක් අත්අඩංගුවට

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදු වූ පසුගිය බදාදා නිවසේ තිබී යාවජීව සම්මානය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කඩුවෙල, මතුගම සහ නාවලපිටිය ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විමර්ශන මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් තවදුරටත් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1965 වසරේ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී රණ මයුර සම්මානය හිමිකර ගත් අතර, යාවජීව ප්‍රණාම සම්මානය හිමිවූයේ ඉන් වසර 35 කට පසුවයි.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පසුගිය 02 වන දා උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත් අතුරතුර මෙම සම්මානය අතුරුදන්ව තිබුණා.
පසුව මෙම සම්මානය පෙරේදා සොයා ගැනුනේ මාර්ග අංක 177 කඩුවෙල – කොල්ලුපිටිය මගී බස් රථයක තිබියදියි.