Gossips

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය නිදහස් චත්‍රරස‍්‍රයේ තැන්පත් කරයි

ප්‍රවීන සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය මහජන ගෞරවය සදහා මේ වනවිට නිදහස් චතුරඝ්‍රයේ තැන්පත් කර තිබෙනවා.
පස්වරු 3 දක්වා දේහය නිදහස් චතුරඝ්‍රයේ තැන්පත් කර තිබෙන අතර අවමගුල් උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පස්වරු 4ට ආරම්භ කිරීමට නියමිතයි.
අද (02) ජාතික ශෝක දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය කොළඹ 5, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ අද පෙරවරු 10.45 පමණ වන තෙක් තැන්පත් කර තිබුණා.
ඉන් අනතුරුව නිවසේදී කතෝලික ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ඔහුගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහර හයිලෙවල් මාර්ගය ,තිඹිරිගස්යාය, තුම්මුල්ල මන්සන්ධිය හරහා බෞද්ධාලෝක මාවත ඔස්සේ කොළඹ නිදහස් චතුරස‍්‍රය දක්වා රැගෙන එනු ලැබුවා.
බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථාව අසළ දී කලාකරුවන් විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය භාර ගත්තා.
සම්මාලාභී ලොව විශිෂ්ඨතම සහ ජ්‍යෙෂ්ඨතම සිනමාවේදියෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මියයන විට 99 වියේ පසුවුණා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අවසන් ගෞරව දැක්වීම සඳහාද කලාකරුවන් රැසක් අද දිනයේත් ඔහුගේ නිවසට පැමිණ සිටියා.