Gossips

ආචාර්ය ලෙස්ටර්ගේ සම්මානය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට

අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ට අයත් යාව ජීව ප්‍රණාම සම්මානය ඉදිරි පරීක්ෂණ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කරන බව පොලීසිය ප්‍රකාශ කළා.
ඒ, අදාළ සම්මානයේ වටිනාකම තක්සේරු කිරීම සහ එහි අඩංගු ලෝහ වර්ග විශ්ලේෂණය කිරීම සඳහායි.
සම්මානය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය ඊයේ (07) නියෝග කළේ.
මීට අමතරව සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ද තීරණය කර තිබෙනවා.
2000 වසරේදී ඉන්දියාවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පිරිනැමුණු මෙම සම්මානය අතුරුදන් වුණේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණු දිනයේදියි.
කෙසේ වෙතත්, අදාල සම්මානය පසුගිය 05 වනදා පොලීසියට හමු වුණේ කොල්ලුපිටිය කඩුවෙල පෞද්ගලික බස් රථයක දමා ගොස් තිබියදීයි.
ඉන් අනතුරුවයි සිදුකරන ලද පරීක්ෂණවලදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ.