ආචාර්ය උපාධිය සඳහා ශිෂ්‍යත්වයක් ලබා සිටි සිසුවෙකු කන්දක් නැගීමට ගොස් ඇදවැටී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රවීන් තිවාරි නමැති 30 හැවිරිදි ශිෂ්‍යයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රවීන් තිවාරි මියයනවිට ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ සිය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා පර්යේෂණ කටයුතුවල නිරතවෙමින් සිට තිබෙනවා.
ඔහු මේ වනවිට ඉන්දීය සමාජ විද්‍යා කවුන්සිලයේ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.
කෙසේ වෙතත් ආරක්ෂිත උපක්‍රම කිසිවක් භාවිත කිරීමකින් තොරව කන්දක් නැගීමට යාමේදීයි ඔහු මෙලෙස ඇදවැටෙන්නේ.
එම අවස්ථාව අසල සිටි තවත් අයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුනේ මෙලෙසින්.
සංවේදී දර්ශන සහිතයි