Gossips

ආගරපතන සාදයකදී තරුණයෙකු ශීතකරණයක දැමූ සිද්ධියකට වතු කම්කරුවෝ විරෝධතාවක

නුවරඑලිය – ආගරපතන – මන්රාසි වත්තේ කම්කරුවන් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
ඒ, සිය සේවකයෙකුට වතු අධිකාරීවරයෙකු ඊයේ (29) රාත්‍රියේදී සිදුකළ පහරදීමකට විරෝධය පළ කරමින්.
මන්රාසි වත්තේ පිහිටි අවන්හලක පැවති සාදයකදී මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සාදයට පැමිණ සිටි ග්ලාස්ගෝ වතු යායේ කළමනාකාරවරයා කම්කරුවාට පහරදී ශීතකරණයට දමා ඔහු එහි සිරකර ඇති අතර, ඉන් අසාධ්‍ය තත්ත්වයට පත් ඔහු ආගරපතන රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම වතු කම්කරුවා නුවරඑලිය රෝහලට මාරුකර යැවීමටයි රෝහල් බලධාරින් අනතුරුව කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව නුවරඑලිය රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළා.
පහරදීමට සම්බන්ධ ග්ලාස්ගෝ වතු යායේ කළමනාකාරවරයා අත්අඩංගුවට ගන්නා තෙක් සේවයට වාර්තා නොකළ බවයි විරෝධතාවයේ නිරත මන්රාසි වත්තේ කම්කරුවන් පවසන්නේ.