ආගරපතන පොලීසියේ අවි ගබඩාවේ තිබූ පිස්තෝල දෙකක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 
ඒ, නුවරඑළිය පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන්. 
පසුගිය 3 වන දා එම පොලීසියේ අවි ගබඩාවෙන් පිස්තෝල අවි දෙකක්, මෙලෙස අතුරුදන්ව ඇති බවට එය භාරව සිටි සැරයන්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබුණා. 
ඒ අනුවයි අතුරුදන් වී ඇති එම පිස්තෝල දෙක සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ දියත් කර ඇත්තේ.  



