Gossips

ආගරපතන ප්‍රාදේශීය සභාවේ බලය ලංකා කම්කරු කොංග්‍රසයට

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ සුබ්‍රමනියම් කදීර් සෙල්වම් තේරී පත්වී තිබෙනවා.
ලිදුල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති විවෘත ඡන්ද විමසීමකින් අනතුරුවයි ඔහු මෙලෙස තේරී පත්වී ඇත්තේ.
එහි උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ වී.එම්. ජයලත් විජේතුංග තේරී පත්වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයෙන් සභාපති ධුරය සඳහා පේරු සිවානන්දන් ඉදිරිපත් වූ අතර ඔහුට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 6 ක්.
ඒ අනුව වැඩි ඡන්ද 2ක් ලබා ගනිමිනුයි ලංකා කම්කරු කොංග්‍රසයේ සුබ්‍රමනියම් කදීර් සෙල්වම් සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇත්තේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ආගරපතන ප්‍රාදේශීය සභාව ලංකා කම්කරු කොංග්‍රසය ආසන 7ක් හිමි කර ගත් අතර, එක්සත් ජාතික පක්ෂයෙන් හිමි කර ගනු ලැබුවේ ආසන 6ක් පමණයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායමක් එක් ආසනය බැගින් හිමි කර ගනු ලැබුවා.
මේ අතර, හපුතලේ ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවා ඇති අතර, නිදහස් පක්ෂයේ බී. කාන්තන් සභාපතිවරයා වශයෙන් තෝරා පත් කරගෙන තිබෙනවා.