Gossips

ආගමික කටයුතුවලට හීලෑ අලි ඇතුන් දෙන්න නව විෂය භාර ඇමති සැරසේ

ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීමේ විධිමත් වැඩපිලිවෙලක් කඩිනමින් සකස් කරන බව වනජිවි හා තිරසර සංවර්ධන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේදී අද (02) වැඩභාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, කැබිනට් සංශෝධනයෙන් අනතුරුව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවූ ජේ.සී.අලවතුවල ද අද (02) සිය ධුරයේ වැඩ භාර ගත්තා.
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කළ නිමල් ලන්සා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තනතුර පුරප්පාඩු වී තිබුණා.