Gossips

ආගමන විගමන නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

ආගමන විගමන නිලධාරීන් ඊයේ සිට ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.
ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ විෂය භාර අමාත්‍ය එස් බී නාවින්න ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මත වර්ජනය අත්හැරීමට පියවර ගත් බවයි.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ඉල්ලීම් ලබන අගහරුවාදා කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට පියවර ගන්නා බවට ද අමාත්‍යවරයා පොරොන්දුවී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අමාත්‍ය එස් බී නාවින්න අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලට පැමිණ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත ආගමන විගමන නිලධාරීන් සමග සාකච්ඡා කර තිබු බවයි.
සේවා ව්‍යවස්ථා සම්පාදනය කිරීම් ඇතුලූ ප්‍රධාන ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේදියි.