Gossips

ආගමන විගමන නිලධාරින්ගේ ගැටලු ජනපති අවධානයට

ආගමන හා විගමන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානය යොමුව තිබෙනවා.
එම නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ (24) ජනාධිපති නිල නිවසේදී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
තමන් මුහුණ දී සිටින වෘත්තීය ගැටලූ කිහිපයක්ම ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා.
එම ගැටලූ පිළිබඳව ඉදිරි දිනවලදී අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර පියවරෙන් පියවර විසඳුම් ලබාදීමටයි එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ.
ආගමන හා විගමන නිලධාරීන් රට වෙනුවෙන් ඉටු කරන සේවාවද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වී තිබෙනවා.