Gossips

ආගමන විගමන කාර්යාලයේ මත්පැන් ගබඩාව වටලයි

හිරු සී.අයි.ඒ.හරහා ඊයේ (02) අප අනාවරණ කලේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි ආගමන විගමන කාර්යාලය හා විවේකාගාරයේ කලක පටන් පවත්වාගෙන ගිය විදෙස් මත්පැන් ජාවාරම පිළිබදවයි.
ගුවන් මගීන්ට මිලදී ගත හැකි තීරු බදු රහිත විදෙස් මත්පැන් වංචා සහගත ලෙස ඇතැම් ආගමන විගමන නිලධාරීන්ගේ ද සහයෙන් ලබා ගෙන කලක පටන් මෙම මත්පැන් ජාවාරම සිදුකර ගෙන ගොස් තිබු බවට තොරතුරු හෙළි වුණා.
උපාය දුතයන් යොදවා සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ඉල්ලුම් කල විදෙස් මත්පැන් තොගය ලබාදීමට ආගමන විගමන විවේකාගාරයට පැමිණෙන ලෙසයි මෙහි පවිත්‍රතා අංශය භාර පුද්ගලයා පැවසුවේ.
සුරා බදු නිලධාරීන්ගේ පරීක්ෂා කිරීම්වලදී තවත් රහසිගත ස්ථානයක සගවා තිබු විදෙස් මත්පැන් තොගයක් සොයා ගැනුනා.
මෙම වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර සුරාබදු නිලධාරීන්ගේ භාරයට ගත් විදෙස් මත්පැන්වල වටිනාකම රුපියල් ලක්ෂ 20 කට ආසන්නයි.