ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට එරෙහිව ඡන්දය භාවිත නොකිරීමෙන් එය පරාජය කිරීමට තිබූ අවස්ථාව අහිමිවී ගිය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
මාතලේ – මුවන්දෙණිය ශ්‍රී ධම්මාලෝක විහාරස්ථානයේ අද පැවති ආගමික උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
