Breaking Politics Sri Lanka

අහිංසක ජනතාව යොදාගෙන සැප්තැම්බර් 5 රාජ්‍ය ආයතන ඇල්ලීමේ තැතක්, ආරක්ෂක අංශ සීරුවෙන් තබන්නට නියෝග.

මැදමුලන වනචරයෝ නැවත බලයට ගෙන ඒමට වෙර දරන ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරන “ජන බලය කොළඹට” නම් වැඩ සටහන සැප්තැම්බර් 5 පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර සැබෑවටම මෙහි ඇති රහස් මෙහෙයුම පිළිබඳව Lankaenews වෙත වාර්තා වේ. ජන බලුසේනා නොහොත් ජනතාව සහ බල්ලන් සේනාව විසින් සිදු කරන විරෝධතා ව්‍යාපාරයක් ලෙස මෙය සැලකිය හැකිය.

ලක්ෂ තුනකට අධික ජනතාවක් කොළඹට ගෙන ඒමට සියළු කටයුතු සූදානම්ව ඇති අතර ඒ සඳහා මත්පැන් බත් පැකට් මුදල් මිලියන ගණනින් යෙදවීමට මේ වනවිට සූදානම් බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. අප අභ්‍යන්තර වාර්තාකරු වෙත වාර්තා වන ආකාරයට ඔවුන්ගේ කොළඹ වටලන සැලසුම පහත පරිදි වේ.

පළමුවෙන් කොළඹ නගරයට ඇතුල් වන වටරවුම් හයක් සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට සැලසුම් කර තිබේ. බොරැල්ල හංදිය, තුම්මුල්ල හංදිය, කොල්ලුපිටිය හංදිය, ලේක් හවුස් වටරවුම හා පංචිකාවත්ත මංසන්ධිය එලෙස අවහිර කරන මංසන්ධි ලෙස වාර්තා වී ඇත. ඒ අනුව මුළු කොළඹ නගරයටම ඇතුල් වීමේ හා කොළඹ නගරයෙන් පිටවීමේ අවස්ථාව කිසිවෙකුට හිමි නොවන බව ඉතා පැහැදිලිය.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ දෙනෙකුගේ නායකත්වයෙන් යුතුව රාජ්‍ය අමාත්‍යාංශ පහක් ජනතා අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියක් සිදු කිරීමටද ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටී. මහින්දානන්ද අළුත්ගමගේ හා ලොහාන් රත්වත්තේ ප්‍රධනත්වයෙන් මුදල් අමාත්‍යාංශයත්, එතනෝල් ජොන්ස්ටන් හා අරුන්දික ප්‍රධානත්වයෙන් ජාතික රූපවාහිණියත්, කනක හේරත්, ශෙහාන් සේමසිංහ හා ඉන්දික අනුරුද්ධ  ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත්, 2500 මෝඩ ගුරා වන බන්දුල , කළුතර මාල හොරා රෝහිත හා ජානක වක්කුඹුර  ප්‍රධානත්වයෙන් මැතිවරණ කාර්‍යාලයත්, රංජිත් සොයිසා, ප්‍රේමලාල් ජයසේකර හා ප්‍රසන්න රණවීර  හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයත් ජනතා අත් අඩංගුවට ගැනීමේ දරුණු වැඩ පිළිවෙලක් මොවුන් ක්‍රියාත්මක කරමින් පවතී.

ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, පාස්පෝට් විමල්, ගම්මන්පිල ප්‍රධානත්වයෙන් පංචිකාවත්ත, බොරැල්ල සහ ලේක් හවුස් වටරවුම ස්ථානත්, නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, ඩී.වී. චානක හා රමේෂ් පතිරණ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය, තුම්මුල්ල ස්ථාන වල දැවැන්ත විරෝධතාවයන් සිදු කරන්නටත් කටයුතු කරමින් සිටී.

මෙම ජඩ ක්‍රියාවලිය රාජ්‍ය බුද්ධි අංශවලට අනාවරණය වීමත් සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අති විශාල පොලිස් බල ඇණි කොළඹට කැඳවීමට කටයුතු කලත් මේ බල පෙරේත ඒකාබද්ධ විපක්ෂ හොරුන් විසින් ඒ සඳහාද යොදා තිබෙන්නේ ම්ලේච්ඡ විකල්පයක් බව වාර්තා වේ. ඒ විකල්ප පොලිස් බල ඇණි ගෙන එන ප්‍රදේශ අරමුණු කරගෙන එම ප්‍රදේශවල ක්ෂණික දරුණු ගණයේ විරෝධතා ප්‍රාදේශීය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් දියත් කිරීමයි.

කෙසේ වෙතත් යහපාලනය ගෙනා මිනිසුන්ගේ අරමුණු,  අමු අමුවේ දූෂණය කරමින් මහබැංකු හොරකම, සහ ඒ හොරිකම් වැසීමට පාර්ලිමේන්තුවේ සිටින එජාප මන්ත්‍රීවරු 98%ක් ම අල්ලස ගැනීම වැනි අමන වැඩ කටයුතු නිසා විපක්ෂයේ මෙවන් ජන බලුසේනා වැනි විරෝධතා වලට ජනතාව රැස්වීම වැලැක්විය නොහැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.