Gossips

අහංගම – වැල්හේන්ගොඩ දී රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම – වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අහංගම පොලීසිය සඳහන් කළේ ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ මෝටර් රථයේ පැමිණි දෙදෙනෙක්. අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි මියගිය මවගේ වයස අවුරුදු 68ක් වන අතර, දියණියගේ වයස අවුරුදු 32ක්.